Business Name Registrations Permits –
ව්‍යාපාර නාම ලියාපදිංචියව්‍යාපාර නාම ලියාපදිංචිය
1. අයදුම්පත්‍රය නිසි ලෙස සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතුය.
2. හවුල් ව්‍යාපාරයක් නම් සියලුම හවුල්කරුවන් විසින් ඉල්ලුම්පත්‍රයේ අත්සන් තැබිය යුතු අතර හවුල් ගිවිසුමක් ඇතොත් ඉදිරිපත් කළ යුතුය.
3. ව්‍යාපාරයේ ස්වභාවය ලෙස ඔබ ව්‍යාපාරික කටයුතු ලෙස කරන සියලු කටයුතු පැහැදිලිව නිසියාකාරව සටහන් කරන්න.
4. ග්‍රාම නිලධාරි විසින් සම්පූර්ණ කරන ලද නිර්දේශිත වාර්තාව.
5. මුල් පිටපත සමග සැසදෙන බවට ග්‍රාම නිලධාරි සහතික කළ ව්‍යාපාරිකයාගේ/ව්‍යාපාරිකයන්ගේ හැඳුනුම්පත්වල ඡායා පිටපත්.
6. ඊට අමතරව වෙනත් කොට්ඨාශයක පදිංචි නම් ප්‍රාදේශීය ලේකම් අනු අත්සන් කළ වසමේ ග්‍රාම නිලධාරින්ගෙන් ලබාගත් පදිංචි සහතිකය.
7. ව්‍යාපාරික ස්ථානය පිළිබඳව ව්‍යාපාරිකයාට ඇති අයිතිය බදු ඔප්පුවේ සනාථ කරන ලියවිලි, තමාට අයත් වන්නේ නම් එම ඔප්පුවේ මුල් පිටපත සමඟ නොතාරිස් වරයෙකු/ ග්‍රාම නිලධාරී විසින් සත්‍ය පිටපතක් බවට සහතික කල ඡායාස්ථ පිටපතක් ඉදිරිපත් කල යුතු ය.
බදු/කුලි ගිවිසුමක් යටතේ පවත්වා ගෙන යන්නේ නම් එකි ගිවිසුම ඉඩම් රෙජිස්ට්‍රාර් දෙපාර්ථමෙන්තුවේ ලියාපදිංචි කල යුතු අතර නොතාරිස් වරයෙකු/ ග්‍රාම නිලධාරී විසින් සත්‍ය පිටපතක් බවට සහතික කල ඡායාස්ථ පිටපත හා ලියාපදිංචි පිටපත ඉදිරිපත් කල යුතු ය. ( ඉහත කී අවස්ථාවන්හීදී එහි මුල් පිටපතද ඉදිරිපත් කල යුතු අතර එය අදාළ ඡායාස්ථ පිටපත සමඟ සසඳා මුල් පිටපත ආපසු භාර දෙනු ලැබේ)
ව්‍යාපාරික ස්ථානයට අදාළ ඔප්පුව යම් බැංකුවක්/ මූල්‍ය ආයතනයක් වෙත උකස් කර ඇත්නම් එම ආයතනය විසින් සහතික කරනු ලැබූ ඡායාස්ථ පිටපතක් ඉදිරිපත් කල යුතුය.
යම් ව්‍යාපාර ස්ථානයක් අයිතිකරුවගෙ කැමැත්ත මත පමණක් පවත්වා ගෙන යන්නේ නම් අදාළ ඔප්පුවේ සහතික පිටපතට අමතරව එකි ව්‍යාපාර ස්ථානයේ අයිතිකරු/ අයිතිකරුවන් වෙතින් ඒ සඳහා විරුද්ධත්වයක් නොමැති බවට ලිපියක් ග්‍රාම නිලධාරී ඉදිරි පිට සහතික කරවාගෙන සහ එකි තැනැත්තන්ගේ ජාතික හැඳුනුම්පත්/ විදේශ ගමන් බලපත්‍රයේ/ රියදුරු බලපත්‍රයේ පිටපතක් ඉදිරිපත් කල යුතු ය.
ව්‍යාපාරයේ ස්වභාවය අනුව පහත සඳහන් තහවුරු ගත සහතික කිරීම් ඉදිරිපත් කළ යුතුය.
අත්තනගල්ල ප්‍රාදේශීය සභාව මගින් නිකුත් කල වෙළඳ බලපත්‍රයේ පිටපතක් (සියළුම ව්‍යාපාර සඳහා අදාල වේ)
යම් ආයතනයක වෙළඳ නියෝජිතයකු ලෙස කටයුතු කරන්නේ නම් එම ආයතනයේ නියෝජිතයෙකු ලෙස පත්කර ඇති බවට ලිපියක්.
වාහන කුලියට දෙනු ලබන ආයතනයක් නම් ඒ සඳහා යොදවනු ලබන වාහන තමා නමින් ඇති බවට ලියවිලි / කුලියට ලබා ගත්තේ නම් ඒ බවට ලියවිලි ( අඩු තරමින් වාහන 02ක් විය යුතුය.)
ගුවන් විදුලි යන්ත්‍ර ආනයනය කිරීම, නිෂ්පාදනය කිරීම, විකිණීම හෝ කොටස් එකලස් කිරීමේ ව්‍යාපාරයක් නම් ඒ සදහා ගුවන් විදුලි සංස්ථාවෙන් ලබාගත් අනුමැතිය.
මුද්‍රණාලයක් නම් ඒ සඳහා ලබාගත් ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අනුමැතිය.
දැව වෙළඳාම, ගබඩා කිරීම, යාන්ත්‍රික වඩුමඩු ආදි ව්‍යාපාර සඳහා වන සංරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ලබාගත් අනුමැතිය.
බටහිර ඖෂධ වෙළඳසැලක් නම් ඖෂධවේදි සහතිකය හා පළාත් සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිගේ අනුමැතිය.
බාහිර රෝගි පරීක්ෂණ කටයුතු සායනයක් පවත්වාගෙන යන්නේ නම් පළාත් සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිගේ අනුමැතිය.
පලිබෝධනාශක, කෘමිනාශක හා රසායනික පොහොර අලෙවිසැලක් නම් ඒ සඳහා ලබාගත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතිය.මැණික් වෙළඳාම, කැපීම හා අපනයනය කිරීමේ ව්‍යාපාර සඳහා ලබාගත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අනුමැතිය.
පාසල් පොත් හා ප්‍රකාශන අලෙවිය හෝ මුද්‍රනය කරනු ලබන්නේ නම් ඒ සඳහා අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස්ගේ අනුමැතිය.
චිත්‍රපටි නිෂ්පාදන ව්‍යාපාරයක් නම් චිත්‍රපටි සංස්ථාවෙන් අනුමැතිය ගත් ලිපියක්.
අංක 48 දරණ ජාතික පාරිසරික පනතේ අංක 234 වගන්තිය යටතේ වූ නියමයන්ට යටත් වන එම උපලේඛනයේ දක්වා ඇති කටයුත්තක් නම් පාරිසරික ආරක්ෂක බලපත්‍රය ලබාගත යුතුය. (උදා: රසායන ද්‍රව්‍ය, සබන්, සායම්, ටයර්, වාහන සේවා ආයතන, මස් සඳහා සතුන් ඇති කරන ස්ථාන, ඉලෙක්ට්රෝ ප්ලේටින්, ගැල්වනයිස්, ඉන්ධන පිරවුම්හල්, ඉටිපන්දම් නිෂ්පාදන වැනි ව්‍යාපාර සඳහා).
විශේෂ හැකියාව අවශ්‍ය ව්‍යාපාර සඳහා එම හැකියාව තහවුරු කරන සහතික ඉදිරිපත් කළ යුතුය. (උදා: රූපලාවන්‍ය, රූපවාහිනි යන්ත්‍ර අළුත්වැඩියාව, ඉදිකිරීම් කටයුතු, සූප ශාස්ත්රය, පරිගණක හා අනෙකුත් උපකාරක පන්ති).
සිල්ලර වෙළඳ සැලක් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිර්දේශ.
රූපලාවන්‍යාගාරයක් ලියාපදිංචි කිරීමට පළාත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වාර්තාවආගන්තුකයින් සඳහා නේවාසික පහසුකම සැපයීමේ ව්‍යාපාර සඳහා පොලිස් වාර්තාවහවුල් ව්‍යාපාරයක් සඳහා අදාල ගිවිසුමක් ඇතොත් එය ඉදිරිපත් කරන්න
පෙර පාසල් හා ළමා රැකවරණ මධ්‍යස්ථාන සඳහා ප්‍රාදේශීය ලේකම් කාරයාලයේ මුල් ළමාවිය සංකර්ධන සහකාරගේ නිර්දේශය හා පළාත් අධ්‍යාපන කොට්ඨාසසේ පෙර පාසල් භාරව ඇති එකකයේන් නිර්දේශය ලබාගත යුතුය.
පොල් ආශීත නිෂ්පාදන (පරිවර්ථය කරණ ලද) හෝ වෙළඳ ආයතන සඳහා පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්ගේ නිර්දේශය ලබාගත යුතුය.ආර්යුවේද වෙද්‍ය මධ්‍යස්ථාන සඳහා
1. ප්‍රජා අර්යුවේද සෞඛ්‍ය කාර්යාලයේ වෛද්‍ය නිලධාරිගේ වාර්ථාවක් ලබා ගත යුතුය
2. ව්‍යාපාරික ස්ථානයේ සේවය කරන ආර්යුවේද වෛද්‍යවරයාගේ කැමත්ත ප්‍රකාශ කල ලිපිය හා ආර්යුවේද වෛද්‍ය සභාව විසින් නිතුක් කල හැඳුනුම්පත ඉදිරිපත් කල යුතුය.
3. ආර්යුවේද සම්භාහන මධ්‍යස්ථායක හෝ සම්භාහන මධ්‍යස්ථායක සේවය කරන සම්භාහකවරැන් හා සම්භාහකවරියක් සඳහා ආර්යුවේද වෛද්‍ය සභාව මගින් නිකුත් කල පුහුණු සහතිකය ඉදිරිපත් කල යුතුය.
ව්‍යාපාර නාම ලියාපදිංචිය සඳහා දැනට අය කරන ගාස්තු
ව්‍යාපාරයක් ආරම්භ කර දින 14 ක් ඇතුලත හෝ රෙජිස්ට්‍රාර්වරයා විසින් ඉඩ දෙනු ලබන කාල සීමාවක් ඇතුළත ( මෙහි දී දින 30 ක් දක්වා සහන කාලයක් දෙනු ලැබේ ) ලියාපදිංචිය සිදු කල යුතු අතර නියමිත කාලය ඉකුත්වී ඉදිරිපත් කරන අයදුම්පත් සඳහා ප්‍රමාද ගාස්තුවක් අය කරනු ලබයි. (ප්‍රමාද ගාස්තුව දිනකට රු. 10.00 බැගින් වසර දෙකකට යටත්ව දඩ මුදල් අයකරනු ලැබේ.මෙම ගාස්තුව ප්‍රාදේශීය ලේකම්ගේ අභිමතය පරිදි වෙනස්විය හැක.)
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ගාස්තු ගෙවිය යුතු ආකාරය
තනි පුද්ගල ව්‍යාපාර ලියා පදිංචි කිරීමේ සහතිකයක් සඳහා - රු.2500.00
හවුල් ව්‍යාපාර ලියා පදිංචි කිරීමේ සහතිකයක් සඳහා- රු.3000.00
ව්‍යාපාර සංශෝධන කිරීමේ සහතිකයක් සඳහා - රු.2000.00
නිකුත් කරන ලද ලේඛනයක සහතික පිටපතක් සඳහා - රු.1500.00
ලිපි ගොනුවක් පරික්ෂා කිරීම සඳහා - රු.300.00
ව්‍යාපාර නතර කිරීමේ සහතිකයක් සඳහා දඩ මුදල ( මාස තුනකට වැඩි නම් ) - රු.1000.00 දඩ අය කෙරේ.
දඩ අය කිරීම
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමට අයදුම් කරන දිනය, ව්‍යාපාරය ආරම්භ කර ඇති දින සිට මසක කාලයක් ඉක්මවා ඇත්නම් , ඉක්මවා ඇති සෑම දිනකටම රු.10/- දඩ මුදලක් (උපරිමය වසර දෙකක් දක්වා) අය කෙරේ.
ව්‍යාපාර නාම සංශෝධනය සඳහා ඉදිරිපත් කරන දිනය එදින හෝ ඊට පෙර දින විය යුතුය.
අයදුම්පත්‍ර භාර ගැනීම සහ සහතික පත් නිකුත් කිරීම.
අයදුම්පත් භාර ගැනීම පෙ.ව. 9.00 සිට ප.ව 3.00 දක්වා අඩුපාඩු රහිත අයදුම්පත්‍රයක් සම්බන්ධයෙන් රජයේ වැඩකරන දින 3ක් ඇතුලත සහතික නිකුත් කිරීමට කටයුතු කරනු ඇත.
බාගත කිරීම තනි පුද්ගල ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරිම සදහා ඉල්ලුම් පත්‍රය (බ.ප ආර් 01 අකෘති පත්‍රය) [ PDF - 446 KB ]
හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරිම සදහා ඉල්ලුම් පත්‍රය (බ.ප ආර් 02 අකෘති පත්‍රය) [ PDF - 1.64 MB ]
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරිමේ ග්‍රාම නිලධාරි සහතිකය [ PDF - 446 KB ]
ව්‍යාපාරයේ නම වෙනස් කිරිම ආදි සංශෝධන කිරිමේ ඉල්ලුම් පත්‍රය (බ.ප ආර් 05 අකෘති පත්‍රය)
[ PDF - 656 KB ][ PDF - 656 KB ]
ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරිමට අදාල ලේඛන පරික්ෂා කිරිම/සහතික පිටපත් ලබා ගැනිම සදහා වු ඉල්ලුම් පත්‍රය (බ.ප ආර් 06 අකෘති පත්‍රය) [ PDF - 293 KB ][ PDF - 293 KB ]
වෙළද කටයුතු නතර කල බව දැන්විමේ ඉල්ලුම් පත්‍රය (බ.ප ආර් 07 අකෘති පත්‍රය) [ PDF - 333 KB ]
බාගත කිරීම.
තනි පුද්ගල ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම් පත්‍රය(බ.ප.ආර්.01 ආකෘති පත්‍රය PDF-445KB)
හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම් පත්‍රය(බ.ප.ආර්.01 ආකෘති පත්‍රය PDF-446KB)
ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම් පත්‍රය(බ.ප.ආර්.01 ආකෘති පත්‍රය PDF-446KB)
ව්‍යාපාරයේ නම වෙනස් කිරීම ආදි සංශෝධන කිරීමේ ඉල්ලුම් පත්‍රය (බ.ප.ආර්.05 ආකෘති පත්‍රය PDF-656KB)
ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරීමට අදාල ලේඛන පරීක්ෂා කිරීම/සහතික පිටපතක් ලබා ගැනීම සඳහා වු ඉල්ලුම් පත්‍රය(බ.ප.ආර්.06 ආකෘතිය පත්‍රය)(PDF-293)