අපගේ දැක්ම

මහජන අවශ්‍යතා ප්‍රශස්ත මට්ටමින් ඉටු කරනු ලබන විශිෂ්ටතම රාජ්‍ය ආයතනය බවට පත්වීම.

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සම්පත් සඵලදායී ලෙස යොදා ගනිමින්, මහජන සහභාගීත්වයෙන් යුත් කළමනාකරණය මගින් ප්‍රදේශයේ ජන ජීවිතය ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒම.

ආයතනයේ විකාශනය

"රටේ මහත්තයා" විසින් දරන ලද රාජකාරි 1950 දී ප්‍රාදේශීය ආදායම් නිලධාරීන්ට පවරා ඇත. ප්‍රාදේශීය සහකාර රජයේ නියෝජිතයෙකු පිහිටුවීමේදී අත්තනගල්ල 1972 දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත් වූ අතර එය අත්තනගල්ල මැතිවරණ කොට්ඨාශය ආවරණය කරයි."රටේ මහත්තයා" විසින් දරන ලද රාජකාරි 1950 දී ප්‍රාදේශීය ආදායම් නිලධාරීන්ට පවරා ඇත. ප්‍රාදේශීය සහකාර රජයේ නියෝජිතයෙකු පිහිටුවීමේදී අත්තනගල්ල 1972 දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත් වූ අතර එය අත්තනගල්ල මැතිවරණ කොට්ඨාශය ආවරණය කරයි.
1974 පෙබරවාරි 24 වන දින සහකාර රජයේ නියෝජිත කාර්යාලය විවෘත කරන ලදී. රජයේ වගකීම් විමධ්‍යගත කිරීම සඳහා පිහිටුවන ලද ප්‍රාදේශීය මහලේකම් කාර්යාල යටතේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 1992 ඔක්තෝබර් 24 වන දින ස්ථාපිත කරන ලදී.
ආරම්භයේ දී ගම නිලධාරී කොට්ඨාශ 86 ක් තිබූ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වර්තමානයේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 151 කින් සමන්විත වේ.

1991 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

නම සිට දක්වා
එල්. ඔ. සුුගුණදාස 1972
පී. ඒ. සෙනරත් 1974
වික්ටර් සී. වර්ණකුලසූරිය 1978
ඒ. එච්. එම්. පී. අබේසිංහ 1982
වෝලටර් කේ. හේතුමුණි 1984
එච්.ආර්.කේ. සේනානායක 1988
ටයිටස් පද්මසිරි 1989
කේ. වී. ජේ. රණසිංහ 1990
පී. දිසානායක 1991.08 1993.08.23
බී. ජේ. කරුණාරත්න 1993.09.15 1994.09
එච්. ඒ. ආරියදාස 1994.08 1998.09
එස්. එම්. ඒ. එල්. ගුණතිලක 1998.09.05 2001.09.16
එස්. ජී. විජයබන්දු 2001.11.13 2011.01.07
ඩී. එම්. රත්නායක 2011.12.05 2018.03.02
එස්. පී.ගුණවර්ධන 2018.03.02

News & Events

21
ජූලි2026
THE CIRCULAR REGARDING THE IMPLEMENTATION OF THE NATIONAL MISSION

THE CIRCULAR REGARDING THE IMPLEMENTATION OF THE NATIONAL MISSION

https://drive.google.com/drive/folders/1WVDJY2gJVf5wdUeOnKUlO4z7g-m4nmX1?usp=drive_link

Scroll To Top