







"සියල්ලට ම පෙර දරුවන්" තේමාව යටතේ 2021 ඔක්තෝම්බර් 01 දිනට යෙදුණු ලෝක ළමා දිනය සැමරීම සඳහා අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම්තුමාගේ මඟ පෙන්වීමෙන්, අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් ඇතුලු ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සංවිධායකත්වයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංවිධානය කරන ලද කෙටි ළමා දින වැඩසටහනක් අද (01) දින කාර්යාලයීය එළිමහන් ගෙවතු වගා පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙහිදී 2021 ලෝක ළමා දිනය නිමිත්තෙන් රජය විසින් හඳුන්වාදුන් දරුවන් අතින් කොස් පැළ 100,000 ක් සිටුවීමේ වැඩසටහනට සමගාමීව කාර්යාල ගෙවත්තේ කොස් පැළ 05ක් සහ තවත් පළතුරු පැළ කිහිපයක් දරුවන් අතින් රෝපණය කිරීම, කොව්ඩ් වසංගතය හේතුවෙන් පාසැල් වසා තිබූ සමයේ අත්තනගල්ල ළමා හිමිකම් නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ළමා සමාජවල දරුවන් විසින් කරනු ලැබූ නිර්මාණ ඇතුළත් ග්රන්ථ 02ක් දරුවන් විසින් ප්‍රාදේශීය ලේකම්තුමා වෙත පිළිගැන්වූ අතර අනුග්‍රාහක භවතුන් හා කාර්යාලයීය නිලධාරීන්ගේ මූල්‍ය දායකත්වය ඇතිව දරුවන් දිරිමත් කිරීම සඳහා ඔවුන්ට ත්‍යාග පිරිනැමීම ද සිදු විය.
අද දින අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ දරුවන් අතින් කොස් පැළ 50 ක් පමණ රෝපණය කළ අතර මෙසේ රෝපණය කරන ලද කොස් පැළ දරුවන් විසින් ම රැක බලා ගනු ලබන අතර එහි ප්‍රගතිය ළමා හිමිකම් නිලධාරීන් විසින් නිරන්තර අධීක්ෂණය කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වේ














