ප්රවීණ කලාකරු දයා වයමන් සූරීන්ට "අත්තනගලු සාහිත්ය විභූෂිත" සම්මානය
====================================
"නෙයිනගෙ සූදුව" ඇතුලු වේදිකා නාට්ය 51ක් නිර්මාණය කරමින් සිංහල නාට්ය හා රංග කලාව සුපෝෂණය කිරීමට දැක්වූ අග්රගණ්ය දායකත්වය වෙනුවෙන් අත්තනගල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ වටද්දර ග්රාමයේ පදිංචිකරුවකු වන සම්භාවනීය කලාකරු/ප්රවීණ රංගධර දයා වයමන් මහතා අද දින අත්තනගල්ල ප්රාදේශීය මහලේකම් කාර්යාලයේ දී පැවති අත්තනගල්ල ප්රාදේශීය සාහිත්ය කලා මහෝත්සවයේ දී "අත්තනගලු සාහිත්විභූෂිත" සම්මානයෙන් පිදුම් ලැබීය.
දශක 05කට අධික කාලයක් පුරාවට වේදිකා නාට්ය නිර්මාණකරණයේ යෙදෙන දයා වයමන් සූරීන් ගුවන් විදුලියේ A ශ්රේණියේ නාට්ය ශිල්පියකු ද වේ. රූපවාහිනී හඬ කැවීම් ශිල්පියෙකු ලෙස ද දක්ෂතා දක්වා ඇති දයා වයමන් මහතා ජනප්රිය ටෙලි නාට්ය රැසකට ද රංගනයෙන් දායක වී ඇත. ජීවන ගමනේ 83 වැනි සැතැපුම් කණුව පසුකරමින් සිටින දයා වයමන් සූරීන් අදටත් තරුණ ජවයෙන් නිර්මාණකරණයේ යෙදීම සුවිශේෂී කරුණකි.
=====================================
 
ප්රවීණ ලේඛක ආර්.ඇම්.පී.විජේසෝම සූරීන්ට "අත්තනගලු සාහිත්ය රංජන" සම්මානය
 
=====================================
විවිධ විෂයයන් පිළිබඳ සාහිත්ය ග්රන්ථ රැසක් රචනා කර ඇති අත්තනගලු පුර ප්රවීණ ලේඛක ආර්.ඇම්.පී.විජේසෝම සූරීනගේ සාහිත්ය මෙහෙවර අගයමින් සැප්තැම්බර් 28 දින අත්තනගල්ල ප්රාදේශීය මහලේකම් කාර්යාලයේ දී පැවති 2022 අත්තනගල්ල ප්රාදේශීය සාහිත්ය කලා මහෝත්සවයේ දී එතුමන් හට "අත්තනගලු සාහිත්ය රංජන" සම්මානය පිරිනමන ලදී.
නව කතා, සාහිත්ය විවරණ ආදී විෂයාන්තර සාහිත්ය ග්රන්ථ රැසක් රචනා කර ඇති විජේසෝම මහතා සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් කැඳවූ අත් පිටපත් තරඟයක් සඳහා ඉදිරිපත් කරන ලද "ශ්රී ලංකාවේ චිත්ර කලාව හා හස්ත කර්මාන්තය" නමැති ශාස්ත්රීය ගවේෂණ ග්රන්ථය එම තරඟයෙන් ජයග්රහණය කිරීම හේතුවෙන් නොබෝ දිනකින් සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් මුද්රණය කර එළි දැක්වීමට නියමිත ය.
2022 අත්තනගල්ල ප්රාදේශීය සාහිත්ය කලා මහෝත්සවයේ දී අත්තනගලු පුරවරයේ විශිෂ්ටත්වයට පත් වූ සාහිත්යවේදීන් තිදෙනකු ඇගයීම උදෙසා "අත්තනගලු සාහිත්ය විභූෂිත" සම්මානය හා "අත්තනගලු සාහිත්ය රංජන" සම්මානය පිරිනමන ලදී.
වේදිකා නාට්ය කලාව තුළ ප්රවීණත්වයට පත් වීම වෙනුවෙන් ප්රවීණ කලාකරු දයා වයමන් සූරීන්ට "අත්තනගලු සාහිත්ය විභූෂිත" සම්මානය පිරිනැමූ අතර, තත්කාලීන සාහිත්ය නිර්මාණ වෙනුවෙන් ප්රදානය කළ "අත්තනගලු සාහිත්ය රංජන" සම්මානද්වය ගේය පද රචක හා කාව්ය රචක පූජ්ය මහගම සීලානන්ද ස්වාමීන් වහන්සේට හා ප්රවීණ ලේඛක ආර්.ඇම්.පී.විජේසෝම සූරීන්ට පිරිනමන ලදී. මෙම සම්මාන පිරිනැමීම මෙම වසරේ සිට ඉදිරියට සෑම වර්ෂයක ම අත්තනගල්ල ප්රාදේශීය සාහිත්ය කලා මහෝත්සවයේ දී සිදු කිරීමට අත්තනගල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලයීය සාහිත්ය කමිටුව හා සංස්කෘතික අංශය බලාපොරොත්තු වේ.
=====================================
 
පූජ්ය මහගම සීලානන්ද ස්වාමීන් වහන්සේට "අත්තනගලු සාහිත්ය රංජන" සම්මානය
 
=====================================
ප්රවීණ ගේය පද රචක හා කාව්ය රචක පූජ්ය මහගම සීලානන්ද හිමිපාණන්ගේ සාහිත්ය මෙහෙවර අගයමින් අද දින අත්තනගල්ල ප්රාදේශීය මහලේකම් කාර්යාලයේ දී පැවති අත්තනගල්ල ප්රාදේශීය සාහිත්ය කලා මහෝත්සවයේ දී උන් වහන්සේ වෙත "අත්තනගලු සාහිත්ය රංජන" සම්මානය ප්රදානය කරන ලදී.
ගී ලියන යති පරපුරේ සාහිත්ය ප්රභාව අත්තනගලු පුරවරයට විහිදුවාලමින් කටුවස්ගොඩ ශ්රී අරියනන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ වෙසෙන පූජ්ය මහගම සීලානන්ද හිමියන් අතින් ගේය කාව්ය හා පද්ය කාව්ය ග්රන්ථ රැසක් රචනා වී ඇති අතර ජනප්රිය ගායක/ගායිකාවන් රැසකට ම උන් වහන්සේ විසින් ගීත රචනා කර ඇත. "පුන් සිසි කැන් ඉසි" ගේය කාව්ය සංග්රහය හා "මගේ උයනේ ඉඩ ඇත" පද්ය කාව්ය සංග්රහය උන් වහන්සේගේ නවතම සාහිත්ය නිර්මාණද්වය යි.
 
309670201_1500756200405878_752043881393198053_n.jpg309868511_1500756250405873_3629488867845007699_n.jpg308506261_1500759217072243_775697973025865340_n.jpg309642661_1500756297072535_7640363019186097202_n.jpg
308764790_1500759383738893_8736520937630219927_n.jpg308810871_589167352990857_7311658596798910125_n.jpg309693928_787634242529983_7721325690154607597_n.jpg310041946_787863722507035_1078303664589499082_n.jpg
 
309708177_1500757113739120_7028168258760169361_n.jpg309660289_1500756837072481_2566958650512860769_n.jpg309623367_1500757313739100_2863010558457058287_n.jpg306915445_589167162990876_4695075303391517016_n.jpg
 

News & Events

21
Jul2026
THE CIRCULAR REGARDING THE IMPLEMENTATION OF THE NATIONAL MISSION

THE CIRCULAR REGARDING THE IMPLEMENTATION OF THE NATIONAL MISSION

https://drive.google.com/drive/folders/1WVDJY2gJVf5wdUeOnKUlO4z7g-m4nmX1?usp=drive_link

Scroll To Top