news events 0410.20211news events 0410.20212

news events 0410.20214news events 0410.20215

 
 
ඔක්තෝම්බර් 01දිනට යෙදුණු ලෝක ළමා දිනය වෙනුවෙන් ළමා සංවර්ධන රාජ්ය අමාත්යාංශයේ උපදෙස් මත දරුවන් අතින් කොස් පැළ ලක්ෂයක් සිටුවීමේ ජාතික වැඩසටහන යටතේ අත්තනගල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලයේත්, අත්තනගල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි ළමා සමාජවල දරුවන්ගේ නිවෙස්වලත් කොස් පැළ 50ක් පමණ රෝපණය කිරීම සිදු වූ අතර අනාගත ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් ආහාර බෝග වගාවට දරුවන් හුරු කිරීම හා ගස් වැල්වලට ආදරය කරන දරු පරපුරක් බිහි කිරීම එම වැඩසටහනේ අරමුණ යි.
මෙසේ රෝපණය කළ කොස් පැළ රැක බලා ගැනීම හා සාත්තු කිරීම ද දරුවන් අතින් සිදු වන අතර විශේෂ කාඩ්පතක් මඟින් එහි ප්රගතිය අධීක්ෂණය කෙරේ.
මෙයට අමතරව ඔක්තෝම්බර් 01 දිනට යෙදුණු ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් වැඩිහිටි ප්රජාව සමඟ අත්තනගලු ඔයේ ජල පෝෂක ප්රදේශ ආශ්රිතව කුඹුක් පැළ හා මී පැළ රෝපණය කිරීම ද අත්තනගල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් මහා සංඝරත්නයේ හා මහජන නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් එදින සිදු කළ අතර ඒ සඳහා අවශ්ය කුඹුක් හා මී පැළ බස්නාහිර පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට විසින් ලබා දෙන ලදී. ජල පෝෂක ප්රදේශ සුරක්ෂිත කිරීම එහි අරමුණ විය.
මෙම කුඹුක් පැළ හා මී පැළවල වර්ධනය හා ප්රගතිය පිළිබඳව ද ත්රෛමාසිකව අධීක්ෂණය කිරීමේ වැඩසටහනක් ක්රියාත්මක වනු ඇත.
ලෝක ළමා හා වැඩිහිටි දිනයන් නිමිත්තෙන් මෙම වැඩසටහන් සංවිධානය කරන ලද ළමා හිමිකම් ප්රවර්ධන නිලධාරී චින්තා රමණි මිය හා ළමා හිමිකම් නිලධාරී එස්. කරුණාරත්න මහතා ඇතුලු සහාය දුන් සියලු ක්ෂේත්ර නිලධාරීන්ටත්, ඉඩම් නිලධාරී චන්ද්රමාලි මහත්මියටත් අලවල,අලවල දකුණ, ඇතාඋඩකන්ද, යටවක හා බෝපාගම යන වසම්වල ග්රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ටත් ප්රාදේශීය ලේකම් කාර්යාලයේ අභ්යාසලාභී කෘෂිකර්ම උපාධිධාරීන්ට හා ශ්රමය ලබා දුන් බහුකාර්ය කාර්ය සහායකයන්ට අත්තනගල්ල ප්රාදේශීය ලේකම්තුමා ඇතුලු කාර්ය මණ්ඩලයේ විශේෂ ස්තුතිය හිමි වේ !!
 
8
 

News & Events

21
Jul2026
THE CIRCULAR REGARDING THE IMPLEMENTATION OF THE NATIONAL MISSION

THE CIRCULAR REGARDING THE IMPLEMENTATION OF THE NATIONAL MISSION

https://drive.google.com/drive/folders/1WVDJY2gJVf5wdUeOnKUlO4z7g-m4nmX1?usp=drive_link

Scroll To Top