සිත සිර කර බැඳි දඬු වැට බිඳුණා වේ
සිත සිත යා කර සෙනෙහස හැමුවා වේ
====================================
අත්තනගල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන ඉස්ලාම් භක්තික මුස්ලිම් නිලධාරීන්ගේ හා නිලධාරීනියන්ගේ රාමලාන් උපවාස සමය වෙනුවෙන් අත්තනගල්ල ප්රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ප්රාදේශීය ලේකම් කාර්යාලයීය සුබ සාධක සංගමයේ අනුග්රහයෙන්, ජාතික ඒකාබද්ධතා/සංස්කෘතික කටයුතු/බෞද්ධ කටයුතු යන අංශවල මෙහෙයවීමෙන් සහ සමස්ත කාර්යාලයීය නිලධාරීන්ගේ සංවිධානයෙන් අප්රේල් 27 දින අත්තනගල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවති උපවාස අතහැරීමේ ඉෆ්තාර් චාරිත්ර උළෙලේ විශේෂ අවස්ථා කිහිපයක් මෙහි දැක්වේ.
ගරුතර මහා සංඝරත්නය සමඟ මුස්ලිම් මවුලවිවරුන්, කතෝලික/ක්රිස්තියානි පූජකවරුන් සමඟ විශ්රාමික මැතිවරණ කොමසාරිස් ජනරාල්, වත්මන් මැතිවරණ කොමිසමේ සාමාජික එම්.එම්.මොහොමඩ් මහතා, කහටෝවිට තරුණ මුස්ලිම් සංගමයේ සභාපති ගවුසුල් ෆ්රිදවුස් මහතා ඇතුලු මුස්ලිම් සමාජ ක්රියාකාරිකයන් රැසක් ද මේ අවස්ථාවට සහභාගී විය.
මෙවැනි ඉෆ්තාර් උළෙලක් අත්තනගල්ල ප්රාදේශීය ලේකම් කාර්යාල පරිශ්රයේ සිදු කළ පළමු වතාව මෙය වන අතර ජාතික සමඟිය ගොඩනැංවීම තුළින් රටේ ඉදිරි ගමන ශක්තිමත් කිරීම අත්තනගල්ල ප්රාදේශීය ලේකම්තුමා ඇතුලු සමස්ත කාර්ය මණ්ඩලයේ අභිප්රාය වේ.

news79202210news79202213news79202214news79202215news79202216news79202212

 

පෙබරවාරි 24 දින පැවති අත්තනගල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික කටයුතු අංශය හා අත්තනගල්ල ප්රාදේශීය සංස්කෘතික බල මණ්ඩලය එක්ව සංවිධානය කළ "දෑ අභිමානී" නිදහස් ගී දැහැන සංස්කෘතික ප්රසංගයේ නර්තන විශේෂාංග කිහිපයක්..

news7920221news7920227

news7920225news7920226news7920224news7920223

news and events 030120221

news and events 030120222

news and events 030120223

news and events 030120224

news and events 030120225

news and events 030120226

news and events 030120227

අත්තනගල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ ජීවනෝපාය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ නැවුම් බලාපොරොත්තු සමඟින් අත්තනගල්ල ප්රාදේශීය ලේකම්තුමා ඇතුලු ප්රාදේශීය ලේකම් කාර්යාලයීය කාර්ය මණ්ඩලය 2022 නව වසරේ රාජකාරි ආරම්භ කිරීම 2022 ජනවාරි 03 දින සිදු කරන ලදී.
2022 වසර අත්තනගල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවටත්, ලක්වැසි සැමටත් සැපවත් දිවි පෙවතක් ළඟා කර ගත හැකි සුබ නව වසරක් වේවා යි අත්තනගල්ල ප්රාදේශීය ලේකම්තුමා ඇතුලු කාර්ය මණ්ඩලය ඉත සිතින් ප්රාර්ථනා කරමු !!

News & Events

21
ஜூலை2026
THE CIRCULAR REGARDING THE IMPLEMENTATION OF THE NATIONAL MISSION

THE CIRCULAR REGARDING THE IMPLEMENTATION OF THE NATIONAL MISSION

https://drive.google.com/drive/folders/1WVDJY2gJVf5wdUeOnKUlO4z7g-m4nmX1?usp=drive_link

குடியுரிமை சாசனம்

Scroll To Top