අත්තනගලු නිල සැරිය - සාර්ථක පළමු අදියර
=====================================
අත්තනගල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සේවාවන් ගම තුළ දී ලබා දීමේ අවස්ථාව ජනතාවට හිමි වන "අත්තනගලු නිල සැරිය" ජංගම සේවා වැඩසටහනේ පළමු පියවර ලෙස පෙබරවාරි 25 දින ඌරාපොල මධ්ය මහා විද්යාලයේ දී පැවති වැඩසටහන තුළ දී සේවාවන් රැසක් සාර්ථකව ජනතාව වෙත ලබා දීමට හැකි විය.
වැඩිහිටි හැඳුනුම්පත් සකස් කිරීමට ජංගම සේවයට ලද අයදුම්පත් සඳහා වැඩිහිටි හැඳුනුම්පත් 115ක් එදින ම නිකුත් කිරීම, එදින වාර්තා වූ ජාතික හැඳුනුම්පත විකෘති වී හෝ දුර්වර්ණ වීම් සඳහා හැඳුනුම්පත අලුතින් සකස් කිරීමට ඡායාරූප/මුද්දර/ග්රාම නිලධාරී නිර්දේශ ඇතුලු සියලු අවශ්යතා සම්පූර්ණ කරන ලද නිර්දේශිත අයඳුම්පත් 96ක් එදින ම භාර ගැනීම මේ අතරින් සුවිශේෂී විය
මීට අමතරව විදේශගත ශ්රමිකයන්ගේ දරුවන්ට අධ්යාපන ආධාර සඳහා සම්පූර්ණ නිර්දේශිත අයඳුම්පත් 45ක් එදින ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්රධාන කාර්යාලයේ නිලධාරීන් වෙත භාර දීම හා 30 දෙනෙකුට පමණ විදේශ රැකියා උපදේශනය ද සාර්ථකව සිදු කිරීමට පෙබරවාරි 25 අත්තනගලු නිල සැරිය ජංගම සේවය සමත් විය. එමෙන්ම විශ්රාම වැටුප් නොමැති රැකියාවල යෙදෙන්නන් සඳහා සාර්ථක දායකත්ව විශ්රාම වැටුප් ක්රමයක් වන සමාජ ආරක්ෂණ විශ්රාම ප්රතිලාභ වැඩසටහනට එදින දැනුවත් කිරීම් හරහා පුද්ගලයන් 10ක් එදින ඌරාපොල මධ්ය මහා විද්යාලයේ දී ම බඳවා ගත් අතර ඒ තුළින් පෙබරවාරි 25 දින ලද ආදායම රු. 177,000ක් විය.
තවද, ඉදිරිපත් වූ 40ක් පමණ රජයේ ඉඩම් ගැටලු අතරින් 10කට පමණ එදින ම අවසන් විසඳුම් ලබා දීමටත්, තවත් ගැටලු 30කට පමණ ගැටලු නිරාකරණය කර ගැනීමේ ක්රියාවලිය ආරම්භ කිරීමටත් හැකි වූ අතර ඉදිරිපත් වූ ඉඩම් ප්රතිසංස්කරණ කොමිසම (LRC) සතු ඉඩම් සම්බන්ධ ගැටලු සියල්ලෙහිම (78ක් පමණ) ඉඩම් නිරවුල් කිරීමේ ක්රියාවලිය එදින ම ආරම්භ කිරීමට අත්තනගල්ල ප්රාදේශීය ලේකම්තුමාගේ ආරාධනය අනුව වැඩසටහනට සහභාගී වූ ගම්පහ ඉඩම් ප්රතිසංස්කරණ කොමිසන් සභා කාර්යාලයේ අධ්යක්ෂතුමන් ඇතුලු කාර්ය මණ්ඩලය කටයුතු කරන ලදී.
ජංගම සේවාව පැවැත්වෙන අතරතුර විදාතා නිලධාරීන් විසින් එම ප්රදේශයේ 60 දෙනෙකුට පමණ සබන් හා ඉටි පන්දම් නිෂ්පාදන වැඩසටහනක් ද පැවැත්වූ අතර කෘෂිකර්ම හා ජල ජීවී වගා උපදේශනය, ළමා හා කාන්තා උපදේශනය මෙන්ම කුඩා ව්යාපාර හා ව්යවසායකත්ව උපදේශනය, සමථකරණ දැනුවත් කිරීම් මෙන්ම සමෘද්ධි ඉතුරුම් හා ශිෂ්යත්ව ප්රදානයන් දවස පුරා ක්රියාත්මක විය.
අත්තනගල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලයට අමතරව අත්තනගල්ල ප්රාදේශීය ලේකම්තුමාගේ ඇරයුම පරිදි අත්තනගල්ල සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලය, අත්තනගල්ල පොලිස් ස්ථානය, ඌරාපොල තැපැල් කාර්යාලය, ඌරාපොල ගොවිජන සේවා මධ්යස්ථානය, ඌරාපොල සමෘද්ධි ප්රජාමූල බැංකුව, ගම්පහ ඉඩම් ප්රතිසංස්කරණ කොමිසන් සභා කාර්යාලය, ජලජීවී වගා සංවර්ධන අධිකාරිය, සමාජ ආරක්ෂණ මණ්ඩලය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්රධාන කාර්යාලය ජංගම සේවා වැඩසටහන සඳහා සහයක සේවා ලබා දීම සිදු කරන ලදී.














සේවා ඵලදායිතාවය ඉහළ නැංවීම තුළින් වඩාත් නව්යකරණය වූ මහජන සේවාවක් සැපයීමේ අරමුණු පෙරදැරිව අත්තනගල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලය නව වසරට රාජකාරි ආරම්භ කරමින්...



ප්රවීණ කලාකරු දයා වයමන් සූරීන්ට "අත්තනගලු සාහිත්ය විභූෂිත" සම්මානය
====================================
"නෙයිනගෙ සූදුව" ඇතුලු වේදිකා නාට්ය 51ක් නිර්මාණය කරමින් සිංහල නාට්ය හා රංග කලාව සුපෝෂණය කිරීමට දැක්වූ අග්රගණ්ය දායකත්වය වෙනුවෙන් අත්තනගල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ වටද්දර ග්රාමයේ පදිංචිකරුවකු වන සම්භාවනීය කලාකරු/ප්රවීණ රංගධර දයා වයමන් මහතා අද දින අත්තනගල්ල ප්රාදේශීය මහලේකම් කාර්යාලයේ දී පැවති අත්තනගල්ල ප්රාදේශීය සාහිත්ය කලා මහෝත්සවයේ දී "අත්තනගලු සාහිත්ය විභූෂිත" සම්මානයෙන් පිදුම් ලැබීය.
දශක 05කට අධික කාලයක් පුරාවට වේදිකා නාට්ය නිර්මාණකරණයේ යෙදෙන දයා වයමන් සූරීන් ගුවන් විදුලියේ A ශ්රේණියේ නාට්ය ශිල්පියකු ද වේ. රූපවාහිනී හඬ කැවීම් ශිල්පියෙකු ලෙස ද දක්ෂතා දක්වා ඇති දයා වයමන් මහතා ජනප්රිය ටෙලි නාට්ය රැසකට ද රංගනයෙන් දායක වී ඇත. ජීවන ගමනේ 83 වැනි සැතැපුම් කණුව පසුකරමින් සිටින දයා වයමන් සූරීන් අදටත් තරුණ ජවයෙන් නිර්මාණකරණයේ යෙදීම සුවිශේෂී කරුණකි.
=====================================
ප්රවීණ ලේඛක ආර්.ඇම්.පී.විජේසෝම සූරීන්ට "අත්තනගලු සාහිත්ය රංජන" සම්මානය
=====================================
විවිධ විෂයයන් පිළිබඳ සාහිත්ය ග්රන්ථ රැසක් රචනා කර ඇති අත්තනගලු පුර ප්රවීණ ලේඛක ආර්.ඇම්.පී.විජේසෝම සූරීනගේ සාහිත්ය මෙහෙවර අගයමින් සැප්තැම්බර් 28 දින අත්තනගල්ල ප්රාදේශීය මහලේකම් කාර්යාලයේ දී පැවති 2022 අත්තනගල්ල ප්රාදේශීය සාහිත්ය කලා මහෝත්සවයේ දී එතුමන් හට "අත්තනගලු සාහිත්ය රංජන" සම්මානය පිරිනමන ලදී.
නව කතා, සාහිත්ය විවරණ ආදී විෂයාන්තර සාහිත්ය ග්රන්ථ රැසක් රචනා කර ඇති විජේසෝම මහතා සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් කැඳවූ අත් පිටපත් තරඟයක් සඳහා ඉදිරිපත් කරන ලද "ශ්රී ලංකාවේ චිත්ර කලාව හා හස්ත කර්මාන්තය" නමැති ශාස්ත්රීය ගවේෂණ ග්රන්ථය එම තරඟයෙන් ජයග්රහණය කිරීම හේතුවෙන් නොබෝ දිනකින් සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් මුද්රණය කර එළි දැක්වීමට නියමිත ය.
2022 අත්තනගල්ල ප්රාදේශීය සාහිත්ය කලා මහෝත්සවයේ දී අත්තනගලු පුරවරයේ විශිෂ්ටත්වයට පත් වූ සාහිත්යවේදීන් තිදෙනකු ඇගයීම උදෙසා "අත්තනගලු සාහිත්ය විභූෂිත" සම්මානය හා "අත්තනගලු සාහිත්ය රංජන" සම්මානය පිරිනමන ලදී.
වේදිකා නාට්ය කලාව තුළ ප්රවීණත්වයට පත් වීම වෙනුවෙන් ප්රවීණ කලාකරු දයා වයමන් සූරීන්ට "අත්තනගලු සාහිත්ය විභූෂිත" සම්මානය පිරිනැමූ අතර, තත්කාලීන සාහිත්ය නිර්මාණ වෙනුවෙන් ප්රදානය කළ "අත්තනගලු සාහිත්ය රංජන" සම්මානද්වය ගේය පද රචක හා කාව්ය රචක පූජ්ය මහගම සීලානන්ද ස්වාමීන් වහන්සේට හා ප්රවීණ ලේඛක ආර්.ඇම්.පී.විජේසෝම සූරීන්ට පිරිනමන ලදී. මෙම සම්මාන පිරිනැමීම මෙම වසරේ සිට ඉදිරියට සෑම වර්ෂයක ම අත්තනගල්ල ප්රාදේශීය සාහිත්ය කලා මහෝත්සවයේ දී සිදු කිරීමට අත්තනගල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලයීය සාහිත්ය කමිටුව හා සංස්කෘතික අංශය බලාපොරොත්තු වේ.
=====================================
පූජ්ය මහගම සීලානන්ද ස්වාමීන් වහන්සේට "අත්තනගලු සාහිත්ය රංජන" සම්මානය
=====================================
ප්රවීණ ගේය පද රචක හා කාව්ය රචක පූජ්ය මහගම සීලානන්ද හිමිපාණන්ගේ සාහිත්ය මෙහෙවර අගයමින් අද දින අත්තනගල්ල ප්රාදේශීය මහලේකම් කාර්යාලයේ දී පැවති අත්තනගල්ල ප්රාදේශීය සාහිත්ය කලා මහෝත්සවයේ දී උන් වහන්සේ වෙත "අත්තනගලු සාහිත්ය රංජන" සම්මානය ප්රදානය කරන ලදී.
ගී ලියන යති පරපුරේ සාහිත්ය ප්රභාව අත්තනගලු පුරවරයට විහිදුවාලමින් කටුවස්ගොඩ ශ්රී අරියනන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ වෙසෙන පූජ්ය මහගම සීලානන්ද හිමියන් අතින් ගේය කාව්ය හා පද්ය කාව්ය ග්රන්ථ රැසක් රචනා වී ඇති අතර ජනප්රිය ගායක/ගායිකාවන් රැසකට ම උන් වහන්සේ විසින් ගීත රචනා කර ඇත. "පුන් සිසි කැන් ඉසි" ගේය කාව්ය සංග්රහය හා "මගේ උයනේ ඉඩ ඇත" පද්ය කාව්ය සංග්රහය උන් වහන්සේගේ නවතම සාහිත්ය නිර්මාණද්වය යි.











කොවිඩ් වසංගතය ඇතුලු අර්බුද හමුවේ කලක් තිස්සේ නතර වී තිබූ ගම්පහ දිස්ත්රික් ප්රාදේශීය ලේකම්වරුන්ගේ සමුළුව ගම්පහ මහ දිසාපති/දිස්ත්රික් ලේකම් ඩබ්.එස්.සත්යානන්ද මැතිතුමන්ගේ උපදෙස් මත යළි ආරම්භ කරමින් 2022 සැප්තැම්බර් 2 වන දින අත්තනගල්ල ප්රාදේශීය මහලේකම් කාර්යාලයේ දී අති සාර්ථකව පවත්වන ලදී.
අත්තනගල්ල ප්රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් හා මඟපෙන්වීම මත මෙහි සංවිධාන කටයුතු වෙනුවෙන් දැවැන්ත කැප කිරීමක් කරමින් වෙහෙස මහන්සි වූ අත්තනගල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සමස්ත කාර්ය මණ්ඩලයේ සේවය බෙහෙවින් අගය කරන අතර ප්රාදේශීය ලේකම් සමුළුවට සමගාමීව පැවති කාර්යාල විගණනයේ දී අත්තනගල්ල ප්රාදේශීය මහලේකම් කාර්යාලයේ යහපත් පරිපාලන පරිචයන් අගය කරමින් හා සකස් කර ගත යුතු අඩුපාඩු ලෙන්ගතුව පෙන්වා දුන් දිස්ත්රික් ලේකම්තුමන්, අතිරේක දිස්ත්රික් ලේකම්තුමන්ලා ඇතුලු දිස්ත්රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන්ටත්, ගම්පහ දිස්ත්රික්කයේ සියලු ප්රාදේශීය ලේකම්වරුන් හා සහකාර ප්රාදේශීය ලේකම්වරුන්ටත් අපගේ ආදරණීය ස්තුතිය හා ගෞරවය පිරිනමමු...













තිළිණය ලෙසින් එළවළු පැළයක්
================================
ගම්පහ දිස්ත්රික් ප්රාදේශීය ලේකම්වරුන්ගේ සමුළුව සඳහා 2022/09/02 දින අත්තනගල්ල ප්රාදේශීය මහලේකම් කාර්යාලය වෙත පැමිණි ගම්පහ මහ දිසාපති/ දිස්ත්රික් ලේකම් ඩබ්.එස්.සත්යානන්ද මහතා ඇතුලු සියලු නිලධාරීන් වෙත අත්තනගල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ කාබනික ගෙවත්තේ නිෂ්පාදිත එළවළු පැළයක් තෑගි කිරීම කාර්යාල ගෙවත්ත තුළ දී මෙලෙස සිදු විය. අත්තනගල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ආදර්ශ ගෙවතු කිහිපය දිසාපතිතුමාගේත්, අතිරේක දිසාපතිතුමන්ලා ඇතුලු මාණ්ඩලික නිලධාරීන්ගේත් නොමඳ ඇගයීමට පාත්ර විය.
ප්රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත කාර්යාල භූමිය සරුසාර වගා බිමක් බවට පත් කිරීමට නිරන්තරයෙන් වෙහෙස වූ අත්තනගල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ කෘෂිකර්ම නිලධාරී කණ්ඩායමට, සැලසුම් අංශයට හා සංවර්ධන නිලධාරී කණ්ඩායමට සහ සමෘද්ධි මහ සංගමයේ නිලධාරීන් හට මෙන්ම එයට දහදිය/ශ්රමය කැප කරන බහුකාර්ය කාර්ය සහායක Ranga Kumara (දිමුත්) ඇතුලු බහුකාර්ය සහායකයන් හට අනේක වාරයක් ස්තුතියි !!
එමෙන්ම කාර්යාලයේ උද්යාන අලංකරණය වෙනුවෙන් අසහාය කැප කිරීමක් කළ බහුකාර්ය සංවර්ධන නිලධාරීන් දෙපළගේ හා පරිසර නිලධාරිනියගේ අගනා මෙහෙවර ද ඒ වෙනුවෙන් ශ්රමය යොදවන නිව්ටන් මහතා සහ බහුකාර්ය සහායකයන්ගේ සේවය ද බෙහෙවින් අගයමි !!






























